Type Here to Get Search Results !

සීගිරි සුකුමාලියේ / Seegiri Sukumaliye By C.T Fernando | Lyrics | The Lyrics Loft | Free Song Lyrics

 සීගිරි සුකුමාලියේ / Seegiri Sukumaliye
  By C.T Fernando (Lyrics)

                                      Artists    :   C.T Fernando
                                      Album     :  Seegiri Sukumaliye
                                      Lyrics      :   Karunaratne Abesekara   
                                      Released  :   


සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ

මතකද අපි පාවුණා පෙම් අම නදියේ

ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ

නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ

ඔබගෙනි සොඳුරේ


අතකින් මල් දරාලා හසරැලි පාලා

සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා

ගෝමර පෙති විදාලා දිස්නය දීලා

ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ

සිතුවම් වීලා


සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ

මතකද අපි පාවුණා පෙම් අම නදියේ

ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ

නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ

ඔබගෙනි සොඳුරේ


ඔබෙ රුව නැත මැකීලා කල් ගතවීලා

මුලු දෙනෙතින් බලාලා සිත සැනසීලා

ජන කවියන් ගොතාලා කව් පදමාලා

කී විලසින් මං ගයමී රන්වන් ගී

හද සපුරාලා


සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ

මතකද අපි පාවුණා පෙම් අම නදියේ

ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ

නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ

ඔබගෙනි සොඳුරේ



---- END ----




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /