Type Here to Get Search Results !

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ / Kolompure Numba Inna Isawwe By Samitha Mudunkotuwa | Lyrics | The Lyrics Loft | Free top Song Lyrics

 කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ / Kolompure Numba Inna Isawwe By Samitha Mudunkotuwa 
(Lyrics)

                                                              Featured Artists     :  Samitha Mudunkotuwa 
                                                              Album      :  Top Sinhala Songs VOL. A (Live)
                                                              Lyrics       :   Karunarathne Jayathilaka
                                                              Released  :  2020


කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ

අත වැනුවට නොවැටී මං මුලාවේ

හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ


කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ

අත වැනුවට නොවැටී මං මුලාවේ

හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ


දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලු

ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලු

ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලු

මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු


කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ

අත වැනුවට නොවැටී මං මුලාවේ

හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ


වෙල් එළියේ වෑකන්දේ දුව පැන නැටුවාලු

දෙවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලු

කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලු

මගෙ රන් කඳ මතක නේද අපි දෙන්නා යාලු


කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ

අත වැනුවට නොවැටී මං මුලාවේ

හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ


හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ





---- END ----





Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /