Type Here to Get Search Results !

අවසන් ලියුමයි /Awasan Liyumai By Shelton Perera / Sathish Perera | Lyrics | The Lyrics Loft | Free Song Lyrics

 අවසන් ලියුමයි /Awasan Liyumai 
By Shelton Perera  / Sathish Perera (Lyrics)

                                                                  Artists     :    Shelton Perera / Sathish Perera 
                                                                  Album      :    Mihirathi Wasantha Kale
                                                                  Lyrics       :    Dalton Alwis                         
                                                                  Released  :    2017


අවසන් ලියුමයි ඔබට ලියන්නේ

විරහ කදුලු රැදි පෑනෙන්

කියවා හැඩුවත් මට නම් කම් නැහ

මගෙ හිත අද තද නින්දේ


එයා පැලැන්දූ මංගල මුදුවේ

ආඩම්බර කම මම දුටිමී

ගෙල වටකරගෙන ලමැදේ ලගිනා

මංගල මාලය මම දුටිමී

අභරන අන්දන රන්වන් විහිලුව

සදාතනික ආදරය නොවේ

කියවා හැඩුවත් මටනම් කම් නැහැ

මගෙ හිත අද තද නින්දේ


පෑන තවත් දේ ලියන්න කීවත්

මොනවා ලියන්නද මීට වඩා

මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ

වෙන දීගෙක ගිය ඔබට වඩා

අභරන අන්දන රන්වන් විහිලුව

සදාතනික ආදරය නොවේ

කියවා හැඩුවත් මටනම් කම් නැහැ

මගෙ හිත අද තද නින්දේ




---- END ----




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /