Type Here to Get Search Results !

ඇහිදාර පවා/ Ahi dara pawa By Senanayaka Weraliyadda | Lyrics | The Lyrics Loft | Free Song Lyrics

ඇහිදාර පවා / Ahi dara pawa 

By Thanura Madugeeth (Lyrics)


                                                                       Artists     :    Senanayaka Weraliyadda
                                                                       Album      :    
                                                                       Lyrics       :   Kushan Maneendra
                                                                       Released  :   



ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා

සංසාරේ පුරා මට එන්න වුණා

නොලැබේවී කියා හිත කිව්ව නිසා

මා එක්ක පවා මම තරහා වුණා


සිහින වල මිස හිනාවක

හැඩ නොදුටු මගේ රෝස කුමරි

රහස් මුමුණන දෑස අද හෙට

දෙයිද ඉඟියක් ඇහැරී


එහෙම හිත හිත ඉන්නකොට මට

දෑස මානයේ නැවතී

දුන්න හසරැල් පොදක් ගානේ

මගේ හදවත නවතී


ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා

සංසාරේ පුරා මට එන්න වුණා


ගැහෙන පපුවට කන් දිදී

හෙට මතක පිටු හැම පෙරලලා

අඳුරු තැන් ටික මකා දමමුද

රෝස මල් පෙති අතුරලා


එහෙම හිත හිත ඉන්නකොට මට

දෑස මානයේ නැවතී

දුන්න හසරැල් පොදක් ගානේ

මගේ හදවත නවතී


ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා

සංසාරේ පුරා මට එන්න වුණා

නොලැබේවී කියා හිත කිව්ව නිසා

මා එක්ක පවා මම තරහා වුණා





---- END ----

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /